දේශීය

ඉන්ධන මිල අඩුවෙයි

(UTV | කොළඹ) – අද (17) රාත්‍රී 9.00 සිට පෙට්‍රල් 92 සහ ඔටෝ ඩීසල් මිල අඩු කිරීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අනෙකුත් ඉන්ධන මිල ගණන් කිසිඳු වෙනසක් සිදු නොවන  බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අඩුවූ මිල සහ නව මිල පහතින්,
* පෙට්‍රල් 92 – රු.40 කින්  (නව මිල රු.370)
* ඔටෝ ඩීසල්  – රු.15 කින් (නව මිල රු.415)

Related posts

අසත්‍ය ප්‍රචාර සිදුකළ තවත් පුද්ගලයෙකුට නීතිමය පියවර

Mohamed Dilsad

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි

Editor O

හිටපු අමාත්‍ය රාජිතට එරෙහි නඩුවක් කැඳවීමට නියෝග

Mohamed Dilsad

Leave a Comment