දේශීය

ගුවන් සේවිකාවන් ට විශේෂ දැනුම්දීමක්

(UTV | කොළඹ) – ගුවන් සේවිකාවන් ලෙස බඳවා ගැනීමේ දී අසත්‍ය තොරතුරු ලබාදුන් ඕනෑම අයෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අද (19) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ගුවන් සේවිකාවන් බඳවා ගැනීමේ දී අවිවාහක බව අවම සුදුසුකමක් වන බවය.

“එහෙත් සේවයේ නිරතව සිටින සේවිකාවන් සඳහා මෙය අදාළ නොවේ. විවාහක බව සඟවමින් ගුවන් සේවිකාවන් ලෙස බැඳී ඇති සේවිකාවන් ගැන සමාගම නොදනී. අසත්‍ය තොරතුරු ලබාදී ඇති බව තහවුරු වන ඕනෑම අයදුම්කරුවෙකු සේවකයෙකු සමාගමේ අනුමත විනය ක්‍රියාපටිපාටියට යටත්වන අතර, ඒ අනුව අදාළ විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලැබේ. එහෙත් පසුගිය කාලය තුළ එලෙස සිදුවීම් වාර්තා වී නොමැත.”

Related posts

මිනුවන්ගොඩ කො⁣රෝනා පොකුරෙන් තවත් 61 ක් හදුනා ගැනේ

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව අද නීතිපති වෙත

Mohamed Dilsad

තවත් හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment