දේශීය

අදත් දිවයින පුරා වැසි

(UTV | කොළඹ) – අද (23) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ උතුරු සහ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ද ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

අල්-අදාන් මහා විද්‍යාලයේ නැගී එන තරු සම්මාන උළෙල රිෂාඩ් බදියුදීන්ගේ ප්‍රධානත්වයෙන්

Editor O

බ්‍රසීලයේ ඇති වූ ප්‍රචණ්ඩත්වය ගැන තමා දැඩි කනස්සල්ලට පත්වෙනවා – ජනපති

Mohamed Dilsad

නව වසරට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුබ පැතුම්

Mohamed Dilsad

Leave a Comment