දේශීය

අරගලකරුවන් පිරිසක් දුම්රියෙන් බෙලිඅත්ත වෙත ගමන් කරයි

(UTV | කොළඹ) – රැඳවුම් නියෝග මත රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස රජයට බලකරමින් අරගලයේ ක්‍රියාකාරීන් පිරිසක් දුම්රියෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානය බලා ගමන් ආරම්භ කර තිබේ.

අද (23) පෙරවරුවේ කොටුව දුම්රියපොළෙන් පිටත්වු එම පිරිසට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයින් පිරිසක් එක්ව සිටින බව අප වාර්තාකරු සඳහන් කළේය.

ඒ අනුව බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමෙන් අනතුරුව ඔවුන් වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි රඳවා සිටින තංගල්ල බන්ධනාගාරය වෙත යාමට නියමිතය.

විරෝධතාවට එක්ව සිටින ළහිරු වීරසේකර ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

“අද දවසේ අපි කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ වෙලා තංගල්ල බලා යන්නේ සංකේතාත්මක විරෝධයක් පළ කරන්න. අපි දන්නවා මේ වෙද්දි 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ වැඩි ජන්දයෙන් සම්මත වෙද්දි ඒවායෙන් ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගන්න පුළුවන් කියලා සමහරු හිතද්දි මේ රටේ තරුණයෙක් ඒ වගේම තරුණ භික්ෂුවක් මාස 2කට වැඩි කාලයක් පුරා ලෝකයේ කොහේවත් පිළිගන්නේ නැති නීතියක් පාවිච්චි කරලා හිරකරලා තියෙනවා.

ආණ්ඩුව හිතනවා නම් පහුගිය මාසවල පොදු ජනතාව සිදුකළ අරගලය මේ ක්‍රියාකාරින් මර්දනය කරලා මේ විදියට නවත්තන්න හදවානම් අපි කියනවා වසන්තලා, සිරිධම්ම හාමුදුරුවෝ හිරකරලා තියෙන දවසක් ගානේ අපි යනවා ගමක් ගමක් ගානේ රට පුරා පොදු ජන අරගලය ඇවිලෙන රැල්ල ගැන පණිවුඩය ආණ්ඩුවට දෙන්න.”

Related posts

ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන මීටර් 400 ඉසව්වෙන් ඔලිම්පික් සුදුසුකම් ලබයි

Editor O

ශ්‍රී ලංකාවේ බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව මැදිහත් වෙයි

Mohamed Dilsad

මාර්ග අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment