ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව තරගය අද

(UTV |  ඔස්ට්‍රේලියාව – පර්ත් ) – අද (25 වෙනිදා) 2022 පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ලෝක ක්‍රිකට් ශූරයන් සහ ආසියානු ක්‍රිකට් ශූරයන් හමුවන තරගය අද පස්වරු 4:30 ට පර්ත් හිදී පැවැත්වේ.

පසුගිය වර ලෝක ශූරයන් වූ ඔස්ටේ්‍රලියාව 2010 වසරෙ අනුශූරයෝ ද 2022 ආසියානු ක්‍රිකට් ශූරයන් වූ ශ්‍රී ලංකාව 2014 වසරේ ලෝක ක්‍රිකට් ශූරයන් බවට ද පත්වූහ.

එමෙන්ම ශ්‍රී ලංකාව 2009 සහ 2012 වසරවලදී ද අනුශූරතාවයට හිමිකම් කීය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය සහ සත්කාරක ඔස්ට්‍රේලියාව කණ්ඩායම සහභාගි වන දෙවන තරගය ද මෙය වේ.

සුපිරි 12 වටය යටතේ මෙම කණ්ඩායම් දෙකෙහි දක්ෂතා විමසා බැලීමේදී ශ්‍රී ලංකාව අයර්ලන්තයට එරෙහිව පළමු තරගයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේය.එම පළමු තරගයේ ඔස්ට්‍රේලියාව දරුණු පරාජයකට මුහුණ දුන්නේය.

සත්කාරක ඔස්ටේ්‍රලියාව පරාජිත මානසිකත්වයකින් මෙන්ම පළමු පරාජය හමුවේ ඇතිවූ පීඩනයත් සමග තරගයට මුහුණ

දෙන අතර අද තරගයට ශ්‍රී ලංකාව ජයග්‍රාහී මානසිකත්වයකින් මුහුණ දේ.

නවසීලන්තය සමඟ පැවති තරගයේ ඔස්ටේ්‍රලියානු පිතිකරුවකුට ලකුණු අතරට පැමිණීමට අපහසු වූ අතර පන්දු යවන්නන් ද දැඩි ලෙස ප්‍රහාරයකට ලක් වූහ.

කුසල් මෙන්ඩිස් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස පෙරමුණේ. තරග හතරක් තුළ ලකුණු 171ක් ලබා ගෙන ඇති අතර එහි සාමාන්‍ය අගය 57.00ක් වේ.

වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ ඔස්ට්‍රේලියාවට අද පීඩනයක් ගෙන දෙනු ඇති අතර ඔවුන් දෙදෙනා මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලුලාභීහුද වෙති.

මහීෂ් කඩුලු හතක්ද වනිඳු මේ වන විට කඩුලු නමයක් ද දවාගෙන සිටිති.

ශ්‍රී ලංකා කණ්ඩායමට සැනසිලිදායක වනු ඇත්තේ ඔස්ටේ්‍රලියා කණ්ඩායමේ නායක ඒරන් ෆින්ච්, ග්ලේන් මැක්ස්වල් සහ ඩේවිඩ් වෝනර් යන පිතිකරුවන් හැකි ඉක්මනින් දවා ගැනීමයි.

දෙරට අතර මේ දක්වා පන්දු වාර විස්සයි විස්ස තරග 25 ක් පවත්වා ඇති අතර ඉන් තරග දාහතරක් ඔස්ට්‍රේලියාව ද ඉන් තරග 10ක් ශ්‍රී ලංකාව ජයගෙන ඇත.

එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පසුගිය තරගයේ දී ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා නොකළ අතර අද තරගය සඳහා ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

Related posts

කාසියේ වාසිය සිම්බාබ්වේට හිමි වෙයි

Mohamed Dilsad

සිම්බාබ්වේ හමුවේ ලංකාවට දැවැන්ත පරාජයක්

Mohamed Dilsad

රොෂාන් මහානාමත් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment