දේශීය

රෝහල් තුළ ඖෂධ වර්ග රැසක හිඟයක්

(UTV | කොළඹ) – ඇණවුම් කළ ඖෂධ තොගය මෙතෙක් දිවයිනට ගෙන්වා ගැනීමට ‍නොහැකි වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අදාළ ඖෂධ ඉන්දීය ණය අධාර වැඩසටහන යටතේ ඇණවුම් කළ ඒවා වන බවට තොරතුරු අනාවරණය වේ.

එහි ජ්‍යේෂ්ඨ නිලධාරි‍යෙකු පැවසුවේ ඇමරිකානු ඩොලර් මිලියන 50 ක වටිනාකමින් යුත් ඖෂධ වර්ග 1000 කට අධික සංඛ්‍යාවක් මෙමගින් දිවයිනට ගෙන්වා ගැනීමට සැලසුම් කළ බවයි.

එම කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් ඖෂධ වර්ග රැසක පවතින හිඟය මෙතෙක් මහ හැරවිමට නොහැකි වූ බව ද අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

එම අමාත්‍යංශය ප්‍රකාශ කළේ, ලෝක සෞඛ්‍ය සංවිධනයෙන් ද ඩොලර් මිලියන 4 ක ඖෂධ හා උපකරණ මෙරටට ලැබීමට නියමිත බවයි.

Related posts

ළමා අපයෝජනයට එරෙහිව ආරක්ෂක අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙලක්

Mohamed Dilsad

වී මිලදී ගන්නා අගයන් සංශෝධනයක්

Mohamed Dilsad

අධ්‍යාපනය පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යය සාධක බලකායක්

Mohamed Dilsad

Leave a Comment