දේශීය

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් ආනයනය කිරීමට පියවර

(UTV | කොළඹ) – සිමෙන්ති, යකඩ, ටයිල්, සෙරමික්, ඇලුමිනියම් උපාංග වැනි අත්‍යවශ්‍ය ගොඩනැඟිලි ද්‍රව්‍ය සීමා සහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව මගින් ආනයනය කර බෙදා හැරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

ඉදිකිරීම් ද්‍රව්‍ය වල මිල ගණන් වෙළඳුන් විසින් අසීමාන්තිකව ඉහළ දමා ඇති අතර, එම මිල ගණන් පහළ දැමීමට අමාත්‍යාංශ මට්ටමින් මැදිහත් වීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම ඉන්දීය ණය ආධාර වැඩසටහන යටතේ ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර හා අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට අවශ්‍ය මූල්‍යමය පහසුකම් ලබා ගැනීම සඳහා ඉදිරියේදී මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා පවසයි.

මේ අතර කොන්ත්‍රාත්කරුවන් සඳහා ගෙවීමට පවතින රුපියල් බිලියන 122 ක මුදල, අදියර කිහිපයක් යටතේ කඩිනමින් ගෙවා දැමීමට රජයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව මේ වසර අවසන් වීමට පෙර රුපියල් බිලියන 20 ක මුදලක් ලබාදීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉතිරි හිඟ මුදල් සියල්ල ලබන වසරේ මුල් කාර්තුව තුල ගෙවීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

උපාධිධාරීන්ට පත්වීම් ලිපි ප්‍රධානයේ සංකේතාත්මක උත්සවයක් අද

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 46,000 ඉක්මවයි

Mohamed Dilsad

අසීරු අවස්ථාවේ අත්හදාබැලීම් කර ජීවිතයම පෝලිම් යුගයකට ගෙන යනවාද ? නැත්ද?” ජනතාව තීරණය කළ යුතුයි – රනිල් වික්‍රමසිංහ

Editor O

Leave a Comment