දේශීය

නේපාලයෙන් ලංකාවට ඖෂධ තොගයක්

(UTV | කොළඹ) – නේපාලයේ ලුම්බිණි ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ ආරම්භක සභාපති පූජ්‍ය නේපාලයේ මෛත්‍රී හිමියන් විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 100කට අධික වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙත නිල වශයෙන් භාර දී තිබේ.

ජාත්‍යන්තර සිංහ සමාජ 306 C 2 බලංගොඩ සිංහ සමාජයේ ඉල්ලීම පරිදි පරිත්‍යාග කරන ලද මෙම ඖෂධ තොගය බලංගොඩ මූලික රෝහල වෙත භාර දීම එහිදී සිදු කර ඇත.

සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර, වෛද්‍ය අධිකාරී වෛද්‍ය ඉරේෂා පතිරගේ යන මහත්ම මහත්මීන් සහ ජාත්‍යන්තර සිංහ සමාජ 306 C 2 හිටපු සිංහාධිපති ලසන්ත ගුණවර්ධන, ඒ.පී. ජගත්චන්ද්‍ර, ඩබ්.කේ.එන් විජේසූරිය, සුනිල් ඔබේසේකර, සිංහ සමන් කුමාර හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු සාමාජකයින් එම අවස්ථාවට එක්ව සිට තිබේ.

Related posts

පියා සමග සෙල්ලම් කරමින් සිටි පුංචි දියණිය මුහුණදුන් අවාසනාවන්ත ඉරණම

Mohamed Dilsad

අලුත් වාහන අපට ඕන – මලිමා මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක

Editor O

මතුගමින් ආරම්භවන සියලුම බස් රථ වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment