දේශීය

ඇමති කංචන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයින් හමු වෙයි

(UTV | කොළඹ) – එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයන් සමග විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සාකච්ඡාවක නිරත වී තිබේ.

මෙම සාකච්ඡාව ඊයේ (27) බලශක්ති අමාත්‍යංශයේදී පවත්වා ඇත.

ඊජිප්තුවේ පවත්වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිලිබඳ සමුළුව, මෙරට පුනර්ජනනීය බලශක්ති ප්‍රතිපත්ති, විදුලි ධාවන පරිවර්තනය, විකල්ප ඉන්ධන භාවිතය, හරිත ඉලක්ක ප්‍රවේශය වෙනුවෙන් මූල්‍ය සහය සහ මෙරට එම පරිවර්තනයන්ට බලශක්ති ක්ෂේත්‍රයේ සිදු කරන වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.

Related posts

ගත වු පැය 24ට පුද්ගලයින් 508ක් අත්අඩංගුවට

Mohamed Dilsad

අඩු ආදායම් ලාභීන් සඳහා වන රැකියා ලක්ෂයේ අයඳුම්පත් කැඳවයි

Mohamed Dilsad

රිෂාඩ් ලබන සතියේදී පාර්ලිමේන්තු රැස්වීම්වලට

Mohamed Dilsad

Leave a Comment