දේශීය

බත් පැකට්ටුවක සහ අනෙකුත් ආහාරවල මිල 10%කින් අඩු කෙරේ

(UTV | කොළඹ) – හෙට (01) සිට බත් පැකට්ටුවක සහ අනෙකුත් ආහාර ද්‍රව්‍යවල මිල සියයට 10කින් අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියේ පිටි සහ කුකුල් මස් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල පහත වැටීමෙන් පසුව මෙම මිල අඩු කිරීම සිදු කරන බවයි.

මේ අතර ප්‍රමාණවත් ආහාර තොග සහන මිලට වෙළෙඳපොළේ ඇති බවට සහතික වන ලෙස අසේල සම්පත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර, තිරිඟු පිටි මිල අඩු කිරීමෙන් පසු පාන් සහ සියලුම බේකරි නිෂ්පාදනවල මිල සංශෝධනය කිරීම පිළිබඳව සලකා බලමින් සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ද නිවේදනය කර තිබේ.

නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

Related posts

ඇඳුමට ගිනි ඇවිළී කාන්තාවක් මරුට

Mohamed Dilsad

හජ් උත්සවය අදයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය හමුවේ සුරා සැල් ක්‍රියාත්මක වන ආකාරය

Mohamed Dilsad

Leave a Comment