දේශීය

තෙල් මිල ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) – ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ඇති වී තිබෙන්නේ ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන සඳහා ඇනවුම් නොකිරීම හේතුවෙන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඉන්ධන මිල පහළ දමනු ඇතැයි උපකල්පනය කරමින් ඉන්ධන පිරවුම්හල් හිමියන් මෙලෙස ඉන්ධන සඳහා ඇනවුම් නොකර සිටින බව අමාත්‍යවරයා සඳහන් කරයි.

එළඹෙන සතියේ දී ඉන්ධන මිල පහළ දැමීම ගැන කිසිදු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කර සිටී.

මේ අතර ඇතැම් ඉන්ධන පිරවුම්හල්කරුවන් විසින් ඉන්ධන ඇණවුම් කිරීමේ ප්‍රමාදයක් දක්නට ලැබෙන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

ඉන්ධන මිල අඩුවන බවට අපේක්ෂා කිරීම හේතුවෙන් ඇණවුම්කිරීම එලෙස සීමා කර ඇති බව එහි උප සභාපති කුසුම් සන්ධනායක පවසයි.

“පසුගිය මිල සංශෝධනයේදී උදේ 10ට විතර තෙල් අඩුවෙනවා කියලා ප්‍රකාශ කළා. නමුත් ඛනිජ තෙල් සංස්ථාවත්, IOC සමාගමත් දෙකම ඛනිජ තෙල් බෙදුම්කරුවන්ට තොග බෙදාහැරියේ අර පරණ මිලටම තමයි. එතකොට විශාල පාඩුවක් මේ බෙදුම්කරුවන්ට වුණා ලංකාව පුරාම සිටින. මේ 01 වනදා මිල සංශෝධනයක් තියෙනවා කියලා ප්‍රකාශ කරපු නිසා මේ තෙල් මිලදී ගැනීමේන් වැළකී සිටියා සියලුම පිරවුම්හල් හිමියන්. මේක සාධාරණ හේතුවක්.

මොකද මෙවැනි විශාල පාඩුවක් මේ පිරවුම්හල්වට වෙනවා. දැන් කාලේ තියෙන විදිහට, බැංකුවල තියෙන පොලී අනුපාතය අනුව කරන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒකෙන් වැළකී සිටිය නිසා IOC සමාගම නම් මම කියන්න දැන්නේ නැහැ හරියටම. එහෙම කරන එකක් නැහැ කියලා මගේ විශ්වාසය. නමුත් ඛනිජ තෙල් සංස්ථාව දඬුවමක් වශයෙන් ඒ අයට තෙල් නිකුත්කිරීම නවත්වලා තියෙන්නේ.”

Related posts

මින් ඉදිරියට ආණ්ඩුවට සහය නැහැ – යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්

Editor O

අද පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

බන්ධනාගාරයේ ගැටුමකින් රැඳවියෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment