දේශීය

තෙල් මිල පහළ ට

(UTV | කොළඹ) – ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල තවදුරටත් අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්ධන සඳහා චීනයේ ඉල්ලුම අඩුවීම සහ එක්සත් ජනපදයේ පොලි අනුපාත නැවත වරක් වැඩි වෙතැයි යන අනුමානය හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල සඳහා බලපෑම් එල්ලවී ඇති බව එම වාර්තාවල සඳහන් ය.

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 94.45 දක්වාත් වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 87.90 දක්වාත් අඩුවී තිබේ.

Related posts

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාරදෙයි

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගය කල් යයි

Mohamed Dilsad

කොළඹ නගරයේ මාර්ග කිහිපයක් යටවෙයි

Mohamed Dilsad

Leave a Comment