දේශීය

ග්‍රාම නිලධාරීන්ට ගැන රජය අලුතින්ම ගන්න යන තීරණය

(UTV | කොළඹ) – මෙතෙක් පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා විසඳූ සුළු පැමිණිලි විසඳීමේ පොලිස් බලය ග්‍රාම නිලධාරීන් වෙත ලබාදීම සම්බන්ධව රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව පළමුවෙන් කෙරෙනුයේ ග්‍රාම නිලධාරීන් සාම නිලධාරීන් ලෙස සවිබල ගැන්වීමය.

මෙතෙක් පොලිසිය සතුව තිබූ පොලිස් බලතල ක්‍රියාවට නැංවීමට ග්‍රාම නිලධාරීන් පොලඹවාලනු ලබන අතර රටපුරා විසිරී සිටින ග්‍රාම නිලධාරීන් 14,000ක පිරිස මේ කාර්යයේ යෙදවීමෙන් පොලිස් නිලධාරීන් 14000ක් බඳවා ගැනීමක් බඳු වනු ඇති බව රජය විශ්වාස කරයි.

මෙහි දී පොලිස් බලතල හා සමාන බලතල කොටසක් ග්‍රාම නිලධාරීන්ට ලබා දීමටද අපේක්ෂා කරයි. බිම් මට්ටමේ සිටින ග්‍රාම නිලධාරීන් සවිබල ගැන්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව සහයෝගය ලබාදීමට නියමිත බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවේය.

යම් පුද්ගලයකුගේ ජාතික හැඳුනුම්පත අස්ථානගත වූ අවස්ථාවක දී ඒ පිළිබඳව පොලිසියට ගොස් පැමිණිල්ලක් ගොනු කිරීමට ඉදිරියේ දී අවශ්‍ය නොවන අතර, ග්‍රාම නිලධාරිවරයා හමු වේ අදාළ පැමිණිල්ල යොදා ඒ අනුව ඉදිරි කටයුතු කිරීමට නියමිතය.

එමෙන්ම, ගම්මානවල සුළු පැමිණිලි පොලිසියට නොයා ග්‍රාම නිලධාරිවරයා හමුවේ පැමිණිලි කිරීමේ අවස්ථාවද සකස් කෙරේ. මේ නිසා ජනතාවට පොලිසියට යෑමට සිදුවන අවස්ථාව අඩුවන බවද අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීවේය.

ග්‍රාම නිලධාරීන් සවිබල ගැන්වීම සඳහා අමාත්‍යාංශය විසින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර එම ව්‍යාපෘතියෙන් මෙම වැඩසටහන සඳහා පළමු අදියරේ දී රුපියල් මිලියන අටහමාරක මුදලක් ලැබීමට නියමිතය.

Related posts

දිවයින පුරා වගා හානි තක්සේරු ආරම්භ කරන ලෙස ඇමතිගෙන් උපදෙස්

Mohamed Dilsad

යෞවන යෞවනියන් අතර, එච්අයිවී අවධානම ඉහළ ට.

Editor O

හෙරොයින් කිලෝවක් සමඟ කාන්තාවක අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment