දේශීය

කන්දකාඩු සිද්ධිය : ජනපති පූර්ණ වාර්තාවක් ඉල්ලයි

(UTV | කොළඹ) – කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (06) දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එවැනි සිදුවීම් යළි ඇති නොවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ප්‍රකාශ කර ඇත.

පොළොන්නරුව, වැලිකන්ද, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් රැඳවියන් 50 දෙනෙකු ඊයේ (06) දිනයේදී එම මධ්‍යස්ථානයෙන් පළා ගොස් තිබිණි.

මෙම ගැටුමෙන් අවම වශයෙන් රැඳවියන් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි පුනරුත්ථාපන/පශ්චාත් පුනරුත්ථාපන ප්‍රතිශ්ඨාධාර ශාඛාවේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ප්‍රියංකර විදානගමගේ පැවසීය.

පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නොසන්සුන්කාරී තත්ත්වයක් පවතින බැවින් පොලිසිය සහ හමුදාවේ සහය ලබා ගැනීමට කටයුතු කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

බ්‍රිගේඩියර් ප්‍රියංකර විදානගමගේ වැඩිදුරට ත් කියා සිටියේ, අවම වශයෙන් 547 දෙනෙකු ඇතුළත් රැඳවියන් කණ්ඩායම් දෙකක් අතර ගැටුම ඇති වූ බව ත් ඔවුන්ගෙන් 299 දෙනෙකු මේ වන විට කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින බව ත් ය.

පළා ගිය පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

Related posts

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ගැන විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

“මහින්දගේ කතාව මහ මෝඩ කතාවක්” – විමල් කියයි

Mohamed Dilsad

ගතවූ පැය විසි හතර තුළ රිය අනතුරුවලින් 12 දෙනෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment