ගොසිප්

“රාජිත ඇතුළු කිහිප දෙනෙක් ආණ්ඩුවට..”

(UTV | කොළඹ) – හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් ආණ්ඩුවට එකතුවීමට සූදානමින් සිටින බව ‘සිරිකොත’ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය ඊයේ (10) පැවසීය.

මෙම මන්ත්‍රී කණ්ඩායම අය-වැයට පෙර හෝ ඉන් පසුව ඉතා ආසන්න දිනකදී ආණ්ඩුවට එකතු වනු ඇතැයි කී රත්නප්‍රිය මහතා ඔවුන්ට ලබාදෙන ඇමති ධූර මොනවා දැයි ජනාධිපතිවරයා තීරණය කරනු ඇතැයි සඳහන් කළේ ය.

ආර්ථිකය, කෘෂිකර්මය, සෞඛ්‍ය, අධ්‍යාපනය, ව්‍යාපාර ඇතුළු මේ රටේ කළමනාකරණය කළ යුතු අත්‍යවශ්‍ය ක්‍ෂේත්‍ර ගණනාවක් පවතින බවත් ඒ අනුව මෙම මන්ත්‍රී කණ්ඩායමට විවිධ වගකීම් භාර ගැනීමට සිදුවන බව ත් හිටපු මන්ත්‍රීවරයා කීවේ ය.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිළිබඳව සාධනීය හැඟීමකින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පසුවන බව ත් ඔහු ඇතුළු තවත් මන්ත්‍රිවරුන් ආණ්ඩුවට එකතුවීමට කැමැත්තෙන් සිටින්නේ යැයි තමන් දන්නා බවත් හෙතෙම කීය.

ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව පැහැදී ආණ්ඩුවට විශාල පිරිසක් එකතුවීමට සිටිය ද එතරම් ප්‍රමාණයකට වගකීම් ලබා දීමට නොහැකි ප්‍රශ්නයක් නිර්මාණය වී තිබෙන බව ද ඔහු පැවසීය.

වත්මන් ජනාධිපතිවරයා වියදම් අඩු කර තිබෙන බව කී රත්නප්‍රිය මහතා ජනාධිපති මන්දිරයේ පානය කළ හැක්කේ ප්ලේන් ටී පමණක් බ වත් කිරි තේ පානය කළහොත් ඒ සඳහා මුදලක් ගෙවීමට සිදුවන බව ත් සඳහන් කළේ ය.

Related posts

LPL කණ්ඩායම් මිලදී ගැනීමට ඉන්දීය සුපිරි තරු රැසක් ලංකාවට

Mohamed Dilsad

නෙළුම් කුළුණේ සිට බිමට පනින්න Bungee Jump

Mohamed Dilsad

‘ජැක්සන් සුවපත් කර ගැනීම සඳහා හැකි සෑම උදව්වක්ම කරනවා’

Mohamed Dilsad

Leave a Comment