ක්‍රීඩා

දකුණු ආසියානු පැසිපන්දු තරගාවලියට සියල්ල සුදානම්

(උදයම්,කොළඹ)  –  5 වන දකුණු ආසියානු පැසිපන්දු තරගාවලිය පැවැත්වීම සඳහා මේ වන විටත් සියල්ල සුදානම්ව ඇත. මෙවර තරගාවලිය මැයි මස 18 සිට 23 දක්වා මාලදිවයිනේ දී පැවැත්වේ.

තරගාවලියේ අතීතය දෙස බැලීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා පිළිබඳව යම් අදහසක් ලබා ගත හැකිවන අතර 2015 වසරේ පැවති දකුණු ආසියානු පැසිපන්දු ශූරතාවලියේ අවසන් තරගය ප්‍රබල ඉන්දියාව හමුවේ ලකුණු 93-44ක් ලෙස පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ රිදී පදක්කම හිමි විය.

මෙහි දී තරගාවලියේ රන් පදක්කම පමණක් නොව එම වසරේ පැවැත්වූ ආසියානු ශූරතා පැසිපන්දු තරගාවලියට සහභාගි වීමේ වරම ද ශ්‍රී ලංකාවට අහිමි වී ගියේය. එයට හේතුව වූයේ දකුණු ආසියානු කලාපයේ ශූරයින්ට පමණක් ආසියානු ශූරතාවලියට සහභාගී වන නිසාවෙනි.

තවද මෑතක දී පැවති තරගාවලිය සඳහා සහභාගී වීම ශ්‍රී ලංකා පැසිපන්දු සංගමය විසින් ප්‍රතිෂේප කිරීම කැපී පෙනෙන්න සිදුවීමක් විය. ඒ පිළිබඳව ශ්‍රී ලංකා පැසිපන්දු සංගමයෙන් අප විමසූ අතර ඔවුන් අප වෙත දන්වා සිටියේ තරගාවලිය පිළිබඳව දැනුම් දෙනු ලැබුවේ ප්‍රමාද වී බවත් එමනිසා තරගාවලිය සඳහා ක්‍රීඩකයින් සුදානම් කිරීමට තරම් අවස්ථාවක් නොතිබූ නිසාවෙන් එයට සහභාගී වීම ප්‍රතික්ෂේප කළ බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පැසිපන්දු ඉතිහාසයට වසර 100ක් සපිරෙන මොහොතක මේ වසරේ පැවැත්වෙන 5 වන දකුණු ආසියානු පැසිපන්දු කුසලානයට සහභාගී වන ක්‍රීඩකයින් දොළොස් දෙනෙකුගෙන් යුතු සංචිතයක් මේ වන විටත් නම් කර ඇත. නමුත් තවමත් ශ්‍රී ලංකා පැසිපන්දු සංගමයේ දියුණු විය යුතු දෑ බොහොමයක් ඇති බව පෙනී යයි.

තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 36 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයක් පසුගිය පෙබරවාරි මස පැවති ජාතික ශූරතාවලිය සඳහා සහභාගී වූ A කාණ්ඩයේ ක්‍රීඩකයින් අතරින් තෝරා ගන්නා ලදි. පසුව මෙම ක්‍රීඩකයින් 36 දෙනෙකුගෙන් 15 දෙනෙක් තෝරා ගත් අතර එයින් අවසන් ක්‍රීඩකයින් 12 දෙනා තෝරා ගෙන ඇත. ඔවුන් මේ වන විට පුහුණුවීම් ආරම්භ කර ඇත.

Related posts

ඉන්දියාවට විශිෂ්ට ජයක්

Mohamed Dilsad

මොනාකෝ හි පැවති 2017 ලෝරියස් ජාත්‍යන්තර ක්‍රීඩා සම්මාන උළෙලේ විශේෂ අවස්ථා

Mohamed Dilsad

ජැෆ්නා කිංග්ස් ට ලකුණු 21ක ජයක්

Mohamed Dilsad

Leave a Comment