Trending Newsවිදෙස්

චීන ජනපති කැනඩා අගමැතිට ජී20දී දොස් කියයි

(UTV | කොළඹ) – ඉන්දුනීසියාවේ බාලි නුවර පැවැත්වෙන ජී20 සමුළුව අවසන් සැසියේදී චීන ජනාධිපති ෂී ජින්පින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ හට ප්‍රසිද්ධියේ දොස් නගා තිබේ.

“අපි සාකච්ඡා කළ හැම දෙයක්ම ගැනම තොරතුරු පත්තරවලට දීලා, ඒක සුදුසු නැහැ.සංවාදයක් පවත්වන විදිහ ඒක නෙමේ.”පරිවර්තකයෙකු මාර්ගයෙන් ජනාධිපති ජින්පින් අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ හට පවසා ඇත.

කැනඩා ජාතිකයන් සංවාදයක් නිදහස්, විවෘත හා අවංක විය යුතු බව විශ්වාස කරන බවත් ඒ ආකාරයට තමන් දිගටම කටයුතු කරන බවත් ජනාධිපති ජින්පින් හට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය ටෘඩෝ ප්‍රකාශ කර තිබේ.කැනඩාව සහ චීනය එක්ව ඵලදායි අයුරින් දිගටම වැඩ කිරීමට සූදානම් වුවත් කැනඩාව සහ චීනය එකඟ නොවන කරුණු තිබිය හැකි බව ටෘඩෝ පවසා ඇත.

චීන ජනාධිපති ෂී ජින්පින් සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ඉකුත් අඟහරුවාදා කැනේඩියානු මැතිවරණය සහ චීන මැදිහත්වීම් පිළිබඳව සාකච්ඡා කර ඇති අතර එහිදී යුක්රේන රුසියා යුද්ධය,උතුරු කොරියාව සහ දේශගුණික විපර්යාස පිළිබඳව සාකච්ඡා කොට තිබේ.සාකච්ඡාව විනාඩි 10 ක සීමා වී ඇත.

Related posts

புரட்சிகர Camera வடிவமைப்புடன் கூடிய V17 Pro இலங்கையில் அறிமுகம்

Mohamed Dilsad

முஹம்மத் முஸம்மில் இன்று(29) குற்றப் புலனாய்வு விசாரணைத் திணைக்களத்திற்கு

Mohamed Dilsad

හතරේ සීමා කුඩාවීම ඉන්දීය තරගාවලියට ප්‍රශ්නයක් නැහැ – චරිත් අසලංක

Editor O

Leave a Comment