ව්‍යාපාරික

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට තීරණයක් ගෙන නෑ -මුදල් රාජ්‍ය ඇමති

(UTV | කොළඹ) – දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

විදේශීය ද්විපාර්ශවික සහ වාණිජ ණයහිමියන් සමග ණය ප්‍රතිව්‍යහුගත කිරීමට අදාළව පමණක් ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරයි.

රාජ්‍ය බැංකු සහ දේශීය මූල්‍ය ක්ෂේත්‍රයට අහිතකර බලපෑමක් එල්ල විය හැකි බැවින් දේශිය ණය ක්ෂේත්‍රය ප්‍රතිව්‍යහගත කිරීමට රජය අවධානය යොමු කර නොමැති බව ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙයි.

මේ අතර රාජ්‍ය අංශය තවදුරටත් පුළුල් නොවන වාතාවරණයක් තුළ රැකියා උත්පාදනය කිරීමේ හැකියාව පවතින්ගේ පෞද්ගලික අංශය සතුව බව ආචාර්ය නාලක ගොඩහේවා මන්ත්‍රිවරයා පවසයි.

ඔහු පවසන්නේ එවන් වාතාවරණයක් තුළ ආණ්ඩුව ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පහසුකම් තවදුරටත් කප්පාදු කිරීමට පියවර ගෙන ඇති බවය.

Related posts

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක්

Mohamed Dilsad

වතු සේවක වැටුප ගැන ගැසට් නිවේදනයක්

Editor O

කටුපොල් වගාව ලංකාවෙන් තුරන් කිරීමේ කටයුතු ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment