එසැන පුවත්දේශීය

ගුරු වෘත්තීය සඳහා බඳවා ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක්

(UTV | කොළඹ) – ගුරු වෘත්තීය සඳහා මින් ඉදිරියට බඳවා ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

ඒ අනුව විද්‍යා පීඨ 19 එකතු කර නිර්මාණය කරන ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය හරහා අවුරුදු 4ක උපාධිය හා ගුරු පුහුණුවෙන් පසු පාසල් පන්ති කාමරයේ ඉගැන්වීම් කටයුතු සඳහා යොමු කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

ගුණාත්මකභාවයෙන් යුත් ගුරුවරයෙක් මෙතැනින් වසර 4කට පාසල් වෙත යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් වැඩිදුරටත් සඳහන් කළේ.

අද (24) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් යොමු කරන ලද පැනයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මේ බව සඳහන් කළා.

Related posts

දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවෙන් සොයාගත් කොරෝනා ආසාදිතයින් තවදුරටත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙටට කල්යයි

Mohamed Dilsad

Leave a Comment