Trending News

සුදු මැස්සා පාලනය කිරීමට හමුදාව හා හෙලිකොප්ටර්

පොල් වගාව තුළ වේගයෙන් පැතිර යන සුදු මැස්සා පාලනය කිරීම සදහා හමුදාව සහ හෙලිකොප්ටර් යොදවා කඩිනමින් එය පාලනය කිරීමට කටයුතු කරන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (30) ඉල්ලීමක් කළා.

අනුර ප්‍රියදර්ශන මහතා මෙහිදී සදහන් කළේ මෙය සංග්‍රාමයක් ලෙස නොසැලකුවහොත් පොල් වගාව විනාශම වී යා හැකි බවයි.

අනුර ප්‍රියදර්ශන යාපා මහතා:

පොල් වගාවේ සුදු මැස්සාගේ බලපෑම තදින්ම සිදුවෙනවා තවමත් ඒ සඳහා විසඳුමක් ලැබිලා නැහැ . මේ සඳහා ක්‍රමවේදයක් නිර්මාණය කරන්න. මේක සීඝ්‍රයෙන් පැතිරෙනවා. විශාල ප්‍රදේශයකට ස්ප්‍රේ කරන්න වෙන නිසා හමුදාව හරි දාලා කරන්න. මේක සංග්‍රාමයක් විදිහට සලකන්න. නැතිනම් පොල් වගාව නැති වෙනවා.

වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා:

ඒකට දුමායනය කිරීමක් හෝ ස්ප්‍රේ කිරීමක් කරන්න අවශ්‍යයි. අමාරු වැඩක්. පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ ආයතනය සමග මැෂින් දෙසීයක් දැනටමත් සපයා තියෙනවා. රැප්ටාරා කියන කෘමි නාශකය භාවිතා කරන්න පුළුවන්. කොහොඹ තෙල් සබන් මිශ්‍රණය පාවිච්චි කරන්නත් පුළුවන්. අපිට පුළුවන් ඒක නැති කරන්න උදව් කරන්න.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා:

ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහත්තයා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස සිටියදී ඔය වගේ රෝගයක් ආවා. ඒ කාලේ යම්කිසි තෙල් මිශ්‍රණයක් හෙලිකොප්ටර්වලින් ගැහුවා. ඒ වගේ වැඩපිළිවෙලකට යන්න වේවි.

වැවිලි කර්මාන්ත ඇමති:

සුදුමැස්සා ඉන්නේ පොල් අත්තේ යට පැත්තේ. උඩින් ස්ප්‍රේ කරන්න බැහැ. ඒ ගැන අවධානය යොමු කරනවා.

Related posts

தென் ஆப்பிரிக்காவில் அரசியல் நெருக்கடி

Mohamed Dilsad

ரஞ்சன் ராமநாயக்கவுக்கு எதிரான வழக்கு டிசம்பர் 10ம் திகதி உச்ச நீதிமன்றத்தில்

Mohamed Dilsad

மூவாயிரத்திற்கும் அதிகமானோர் எலிக்காய்ச்சலால் பாதிப்பு

Mohamed Dilsad

Leave a Comment