(UTV | කොළඹ) – 2023 එක්දින ක්රිකට් ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්රී ලංකාවට තවදුරටත් අවස්ථාව ලැබී තිබෙනවා.
ඇෆ්ඝනිස්තානය සමග පැවැති අවසන් එක්දින ක්රිකට් තරගයෙන් ලැබූ කඩුලු 4 ක වාර්තාගත ජයත් සමඟින් ශ්රී ලංකාවට තවදුරටත් බලාපොරොත්තු රඳවා ගැනීමේ හැකියාව පවතිනවා.
ශ්රී ලංකාව ලැබූ මෙම ජයත් සමඟ ICC එක්දින ක්රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්රී ලංකාව සමත්ව ඇති අතර ප්රසාද ලකුණු 77 ක් ලබාගෙන තිබෙනවා.
ශ්රී ලංකාවට ඉතිරිව ඇත්තේ තවත් තරග 3 ක් පමණක් වන අතර එම තරග 3 නවසීලන්තයේ දී නවසීලන්තයට එරෙහිව මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිතයි.
ශ්රී ලංකාවට ඉතිරිව ඇති තරග තුනෙන් තරග 2ක් ජය ගතහොත් ඔවුන්ට 8 වැනි ස්ථානයේ මේ වන විට රැදී සිටින කොදෙව් කණ්ඩායම අභිබවා යාමේ අවස්ථාව උදාවන අතර සෘජුව සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වන කණ්ඩායම් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් සදහා ක්රීඩා කිරීමට නියමිතයි