දේශීය

තොරතුරු තාක්ෂණවේදීන් 10,000 ක් රට හැර යයි

(UTV | කොළඹ) – රට තුළ තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් තොරතුරු තාක්ෂණවේදීන් විශාල පිරිසක් රට හැර යන බව ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති දමිත් හෙට්ටිහේවා පවසනවා.

ඒ අනුව මේ වන විටත් තොරතුරු තාක්ෂණවේදීන් 10,000ක් පමණ රට හැරගොස් ඇති බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

එසේම තොරතුරු තාක්ෂණ සමාගම්වලද තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන් 20%ත් 25%ත් අතර පිරිසක් ඉවත් වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

පුද්ගලික අංශයටත් කොරෝනා එන්නත් ගෙන්වීමට අවසර දිය යුතුයි

Mohamed Dilsad

කුඩු ජාවාරමේ යෙදුණු කොස්තාපල් ගැන ගත් තීරණය

Mohamed Dilsad

රනිල්ට සහය දෙන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ පක්ෂ තනතුරු අහිමි කරාවිද

Editor O

Leave a Comment