දේශීය

පියාගේ-බාප්පාගේ වැරදිවලට පොලිස් පුතා රැකියාවෙන් දොට්ට

(UTV | කොළඹ) – පියා සහ බාප්පාට අධිකරණයෙන් දඩ නියම කර ඇති බව බඳවා ගැනීමේ ආකෘති පත්‍ර සඳහන් නොකළ යි පවසා වසරකට අධික කාලයක් සේවය කළ ආධුනික කොස්තාපල්වරයකුගේ පත්වීම අවලංගු කර ඇතැයි පොලිස් ආරංචි ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙලෙස පත්වීම අවලංගු කර ඇත්තේ පිලියන්දල පොලිසියේ සේවය කළ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකි.

2021 සැප්තැම්බර් පළවෙනි දින පොලිස් සේවයට එක් වී මූලික පුහුණුව හැදෑරීමෙන් පසු පිළියන්දල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ යෙදී සිටිය දී මෙම නියෝගය මීට දින කිහිපයකට ඉහතදී ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

කුලී රැකියාවක නිරත කොස්තාපල්වරයාගේ පියා 2017 වසරේදී නිවසේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා වැලිගොඩ දැමීමේ වරදට හසලක පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 10,000 ක දඩයක් නියම කර තිබූ අතර 2021 මාර්තු 2 වැනි දින බලපත්‍ර නොමැතිව බරවර්ධන ඔයේ මැණික් පතල් කැපීමේ වරදට එම පොලිසිය මගින් ම අත්අඩංගුවට මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රුපියල් 5000ක දඩයක් ද නියම කර තිබිණි.

ඊට අමතරව කොස්තාපල්වරයාගේ බාප්පා 2021 වසරේ පෙබරවාරි එක් වෙනි දින බරවර්ධන ඔයේ මැණික් පතල් කැපීමේ වරදට හසලක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 5000 ක දඩයකට යටත් කර තිබීම පත්වීම අවලංගු කිරීමට මෙම සිද්ධයට ආසන්නම හේතුව වී ඇත

Related posts

අලව්වේ නායයෑමක් – හෙදියක් මරුට

Mohamed Dilsad

අනුර දිසානායක ඇතුළු තිදෙනෙකු පිළිබඳව අධිකරණයට දැනුම්දීමක්

Mohamed Dilsad

ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ආසියානු සංවර්ධන බැංකුව සහයෝගයක්

Mohamed Dilsad

Leave a Comment