දේශීය

සරසවිවලට නවක සිසුන් ගැනීම ලබන සතියේ

(UTV | කොළඹ) – අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා තෝරාගත් සිසුන් ලබන සතියේ සිට ලියාපදිංචි කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

විශ්ව විද්‍යාලවල උපාධිපාඨමාලා සඳහා තෝරාගත් සිසුන්ට ලියාපදිංචි වන ලෙස කෙටි දුරකතන පණිවුඩ මගින් සහ විද්‍යුත් තැපෑල මගින් දැනුම්දුන් බව ද සම්පත් අමරතුංග මහතා කීය.

සිසුන් ඒ ඒ උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි වූ පසුව පුරප්පාඩු වන පාඨමාලා සඳහා සිසුන් ඇතුළත්කර ගැනීමේ අභියාචනා සලකා බලන බව ද අමරතුංග මහතා සඳහන් කළේය.

Related posts

නෝර්වේ තානාපති කාර්යාලය අද සිට වැසේ

Mohamed Dilsad

ජනපති ආර්යා අයෝමා රාජක්ෂගේ මව අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ නිලධාරීන් හට STF ආරක්ෂාව ලැබිලා

Mohamed Dilsad

Leave a Comment