දේශීය

රියදුරන් වැරදි කළොත් වැඩ වරදී! ලබන වසරේ ඉඳන් ක්‍රියාත්මක වන අලුත් තීන්දුව

2023 වසරේ මුල් කාර්තුවේ සිට රියදුරු අකුසලතා ලකුණු ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිෂාන්ත අනුරුද්ධ වීරසිංහ පවසනවා.

 

ඒ අනුව රියදුරන් විසින් මහා මාර්ගයේදී සිදුකරන වැරදි සඳහා රියදුරු බලපත්‍රයට අදාළව ලකුණු ක්‍රමයක් හඳුන්වා දෙන බවත් එහිදී රියදුරෙකුට ලකුණු 24 ක් දක්වා හිමිවන බවයි ඔහු සඳහන් කළේ.

 

සිදුකරන වැරදි වෙනුවෙන් හිමිවන ලකුණු ප්‍රමාණ ගැසට් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවත් එක් එක් වැරදි සඳහා වෙන් වූ ලකුණු ප්‍රමාණයන් ඇති බවත් කිසියම් රියදුරෙක් ලකුණු 24 සම්පූර්ණ කළ පසු රියදුරු බලපත්‍රය අවලංගු කිරීමට කටයුතු කරන බවද මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

 

එහිදී අදාළ රියදුරාට වසරක් යන තෙක් රියදුරු බලපත්‍රයක් ලබා නොදෙන බවත් වසරටක පසු යළිත් ඔහුට රියදුරු බලපත්‍රය ලබා ගැනීමට ඉල්ලුම් කල හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

රන්ජන් රාමනායක‌ගේ නිදහස් කිරීමේ ලිපියට ජනපති ලේකම් අත්සන් තබයි

Mohamed Dilsad

වතුර කලවම් තෙල් බවුසරය ගැන වහාම විමර්ශනයක්

Mohamed Dilsad

විදුලි කප්පාදුව පැයකින් අඩු කෙරේ

Mohamed Dilsad

Leave a Comment