දේශීය

හොර පාරෙන් රට යන්න හදන අයට ලැබුණු අලුත්ම අනතුරු ඇඟවීම

සංචාරක වීසා යටතේ රැකියා සඳහා විදේශගත වූ සියලුම ශ්‍රී ලාංකිකයින් අසාදු ලේඛනගත කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

 

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ ඔවුන්ට එරෙහිව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කරන බවයි.

මේ අතර ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ පවතින සුරක්ෂා නේවාසිකාගාරයේ රැඳී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් නැවත මෙරටට ගෙන්වීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරන්නේ.

ඒ අනුව පසුගිය 24 වැනිදා පළමු කණ්ඩායම වශයෙන් 8 දෙනෙක් මෙරටට පැමිණි අතර තවත් කාන්තාවන් 6 දෙනෙකු ඊයේ (02) දිවයිනට පැමිණෙන බවයි එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

මැතිවරණයට එරෙහිව ගොනුකළ පෙත්සම් 7ක් කැදවීමට දින දෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ – ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරු අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුව වහා කැදවන්නැ’යි කථානායක ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment