උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (05) සිට මාස පහක කාලයක් අනුරාධපුරය දක්වා පමණක් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එම මාර්ගයේ මහව සිට ඕමන්ත අතර දුම්රිය මාර්ගය නවීකරණය ආරම්භ කිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය කොළඹ සිට අනුරාධපුර දක්වා සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
යාපනය දක්වා ගමන් ගන්නා මගීන් සදහා අනුරාධපුර සිට බස් රථ මගින් යාපනය දක්වා ගමන් කිරීමට පහසුකම් සලසන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්.ගුණසිංහ සඳහන් කළේ.