දේශීය

මැතිවරණ කොමිසමට ජනපතිගෙන් ලැබුණු උපදෙස් පැය 7 කට පෙර

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් ඊයේ (06) දිනයේ පැවැත්වුණා.

 

එහිදී ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසම වෙත පවසා තිබුණේ කොමිසම සතු නිදහස කොමිසට භාර දී ඇති බවත්, බහුතර ඒකමතික තීරණයකට පැමිණ තීරණයක් ගන්නා ලෙසයි.

 

මැතිවරණ කොමිසමේ කටයුතු සඳහා කිසිදු බාධා කිරීමක් සිදු නොකරන බවත්, අවශ්‍ය නම් නීතිපතිගෙන් ලිඛිත උපදෙස් ලබාගන්නා ලෙසත් ජනාධිපතිවරයා කොමිසමට උපදෙස් ලබාදී තිබෙනවා.

 

එමෙන්ම මුදල් ප්‍රතිපාදන, ආරක්ෂා වැනි කරුණු සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කොට නිශ්චිත එකඟතාවයකට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා විසින් කොමිසමට වැඩිදුරටත් පවසා තිබෙනවා.

Related posts

බත්තරමුල්ල සහ පැලවත්ත රථවාහන තදබදයක්

Mohamed Dilsad

වාහන ආනයනයට අදාළ කොන්දේසි මෙන්න

Editor O

පාඨලීගේ රියදුරුට ඇප

Mohamed Dilsad

Leave a Comment