දේශීය

සතියක් තුළ ඩෙංගු රෝගීන් 2,142ක් වාර්තා වෙයි

2023 වසරේ පළමු සතිය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 2,142 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

 

ඒ අනුව පසුගිය 02 වනදා සිට 07 වනදා දක්වා කාලය තුළ එම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ.

 

එම කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 440ක් වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 433ක්, පුත්තලම ප්‍රදේශයෙන් 273ක්, කල්මුණේ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 147ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගින් 128 දෙනෙකු හඳුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ

Related posts

ප්‍රාථමික ශ්‍රේණි සඳහා නිවාඩු ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Mohamed Dilsad

සියලු දේශපාලන පක්ෂ එකඟව ගත් තීරණයක් මාලිමාව කඩලා – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

රංජන්ගේ හඬපට ලබන සතියේ මන්ත්‍රීවරුන් වෙත

Mohamed Dilsad

Leave a Comment