දේශීය

දේශීය මත්පැන්වලින් විදේශ විනිමය අර්බුදය ජය ගන්නා හැටි මුදල් රාජ්‍ය ඇමති කියයි

දේශීය සම්පත්වලින් විදේශ විනිමය උපයා ගත හැකි නව ක්‍රමවේදයන් සොයා බැලීම සඳහා හොඳම සහ සුදුසුම වේදිකාව ආර්ථික අර්බුදය විසින් නිර්මාණය කර දී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

 

අමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙවැනි පසුබිමක් නැවත රට තුළ නිර්මාණය නොවනු ඇති බවයි.

 

සුරාබදු දෙපාර්තමේන්තුවේ 110 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැති උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා පසුගියදා (12) මේ බව පවසා සිටියා.

 

එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා,

 

“අපට තියෙන ලොකුම ගැටලුව විනිමය හිගයයි. මේකට විසඳුමක් විදියට දේශීය මධ්‍යසාර අපනයනය ගැන අපි අවධානය යොමු කරමු කියල යෝජනා කළා. දැනට දේශීය මධ්‍යසාර ලෝකයේ රටවල් 35කට විතර අපනයනය කරනවා. 2021 වසරේ දී දේශීය මධ්‍යසාර අපනයනය කරල ලැබුණ ආදායම ඩොලර් මිලියන 20ක්. 2022 දී එය ඩොලර් මිලියන 21ක දක්වා ඉහළ ගියා. විශේෂයෙන් ම කිතුල් රා සහ තල් රා සඳහා හොඳ ඉල්ලුමක් තියෙනවා. මේ රටේ ප්‍රසිද්ධ සමාගමක් මෑතකදි ඇහුව රා සැණකෙළියක් පවත්වන්න. ඇත්තටම මම ඒ සඳහා සාකච්ඡාවකට දිනයකුත් වෙන් කළා. මේක විදේශිකයන් සඳහා පොල්, තල් සහ කිතුල් රා ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් කරන වැඩක්. පසුගිය දා අපි අවසර දුන්න සයිඩර් කියන බීම වර්ගය අපනයනය කරන්න. මේක නිර්දේශ කරන්නෙ මෙරට පළතුරුවලින් හදන බීමක් විදියට. අපේ පළතුරුවලටත් හොඳයි අපනයනයටත් හොඳයි. කිරි පොන්සා (Milk Punch) කියල තවත් ජාතියකට අවසර දුන්න. ” යැයිද කියා සිටියා.

 

ඉල්ලුමක් සහිත දේශීය මධ්‍යසාර සඳහා නීත්‍යානුකූලව අවසර දීම විදේශ විනිමය ගැටලුවට විසඳමක් වනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේ.

 

ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කර දීම සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු වගකිව යුතු ආයතනවල වගකීම බව ද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

Related posts

මහ මැතිවරණය ජුනි 20 පැවැත්වීමට නොහැකි බව මහින්ද දේශප්‍රිය කියයි

Mohamed Dilsad

ශානිගේ පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරෙයකු ඉවත් වෙයි

Mohamed Dilsad

දෙහැවිරිදි දැරියක් මරුට

Mohamed Dilsad

Leave a Comment