Trending News

අපගමන බද්ද ගැන සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් කරුණු පැහැදිළි කිරීමක්

කටුනායක ඇතුළු ගුවන් තොටුපල හෝ වරාය ඔස්සේ විදේශ ගතවන අය සදහා ඇමරිකානු ඩෝලර් 60 ක නව අපගමන බද්දක් (Embarkation Levy) රජය විසින් පනවා ඇති බවට හුවමාරු වන වාර්තා නොමග යවන සුලු බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

එම අධිකාරිය සදහන් කලේ මෙම ඩෝලර් 60 ක මුදල දැනට වසර ගණනාවක් පුරා සාමන්‍ය‍යෙන් අය කරනු ලබන ගාස්තුවක් බවයි.

මුදල් පනතේ බලතල ප්‍රකාරව ඊට අදාල ගැසට් නිවේදනය කලින් කලට අදාළ මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරනු ලබන අතර මීට පෙර 2019 වසරේදී එවක මුදල් අමාත්‍ය මංගල සමරවීරද මෙම ඩෝලර් 60 ක මුදල සදහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

Related posts

ஒரு கிலோ பெரிய வெங்காயத்தை 80 ரூபாவுக்கு கொள்வனவு செய்ய சதொச நிறுவனம் தயார்

Mohamed Dilsad

ஜெயலலிதா, சசிகலா வாழ்க்கையை மையப்படுத்தி படம்…

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ ආහාර මිල ගණන් වැඩි කිරීමේ යෝජනාවක්

Editor O

Leave a Comment