දේශීය

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකුට මරණ තර්ජන කරලා – පැෆරල් සංවිධානය

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකුට ඉවත් වන ලෙස මරණ තර්ජන එල්ලවී ඇති බව පැෆරල් සංවිධානය පවසනවා.

 

 

මේ සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් පොලීසියට ඉදිරිපත් කර ඇති බවටද වාර්තාවී ඇති බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

 

 

මෙය ඉතා බරපතළ කරුණක් බවත් මෙය මැතිවරණය කල් දැමීමේ උපක්‍රමයේ එක් කොටසක් ලෙස දකින බවයි ඔහු සඳහන් කළේ.

 

 

මැතිවරණ කොමිෂන් සභාවට ස්වාධීනව කටයුතු කිරීමට ආණ්ඩුව ඉඩකඩ සකස් කිරීමේ වගකීම ඇත්තේ ආණ්ඩුවට බවයි පැෆරල් සංවිධානය වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

කොවිඩ් දේහයක් භුමිදානය කිරීම සම්බන්ධයෙන් අධිකරණය දුන් තීන්දුව

Mohamed Dilsad

ලියාපදිංචි වීමට පැමිණීම අනවශ්‍ය බව පොලීසිය පවසයි

Mohamed Dilsad

ඉන්ධන පිරවුම්හල් අසල නොසන්සුන්තා – හතරක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment