දේශීය

වන්දි මුදල ගෙවන හැටි මෛත්‍රී කියයි

පාස්කු නඩු තීන්දුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට නියම කළ වන්දි මුදල සිය හිතමිතුරන්ගේ උපකාරයෙන් එකතු කර ගෙවා දමන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

කෝටි 10ක වන්දියක් ගෙවීම සඳහා ආර්ථිකයක් තමන්ට නොමැති බවයි අද (15) නිට්ටඹුව නගරයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

තමාගේ වත්කම් ප්‍රකාශය තොරතුරු දැනගැනීමේ පණත යටතේ ඕනෑම අයෙකුට ලබාගත හැකි බවත් මෙම වන්දිය ගෙවීම සඳහා තමාගේ හිතවතුන්ගේ සහයෝගය ලබා ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළා.

ජනාධිපතිවරයා විසින් පත්කරන ලද නිලධාරීන් යම් වැරැද්දක් කළහොත් එයට ජනාධිපතිවරයාද වගකිව යුතු බවට අදාළ නඩු තීන්දුවේ ප්‍රකාශ කර ඇති බැවින් තමාට කෝටි 10 ක වන්දියක් ගෙවීමට සිදුව ඇති බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සහය සමගි ජනබලවේගයට

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන ඉහළට

Mohamed Dilsad

දස වන පාර්ලිමේන්තුවේ ආරම්භය සහ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නොවැම්බර් 21දා

Editor O

Leave a Comment