දේශීය

මැතිවරණ වියදම් ගැන විවාදය මාසයකින් කල් තබයි

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය මාසයකින් කල් දැමීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ඊයේ (17) තීරණය වී තිබෙනවා.

මෙම තීරණය ගනු ලැබුවේ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් විසින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමිනි.

එමෙන්ම, අදාළ සංශෝධන සලකා බැලීමෙන් අනතුරුව පුනරුත්ථාපන කාර්යාංශයේ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා විවාදයට ගැනීමද කමිටුව විසින් අනුමත කර තිබෙනවා.

ඒ අනුව පුනරුත්ථාපන කාර්යාංශයේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා අද (18) දිනයේදී විවාදයට ගැනීමට නියමිතය.

Related posts

නව ගුවන් හමුදාපතිවරයෙකු පත් කරයි

Mohamed Dilsad

විදෙස් රැකියා ආයතන බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු ඉහළට

Mohamed Dilsad

කුමාරිඇල්ලේ අතුරුදන් වූ දැරියකගේ සිරුර සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment