දේශීය

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කළේ වැරදි වැඩක් බව පාඨලී කියයි

මැතිවරණයට අවශ්‍ය මුදල් නොමැති බව කියමින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් අධිකරණයට කළ දැනුම් දීම ඉතාමත් නරක පුර්වාදර්ශයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

මෙය ඉදිරියේ දී ජනාධිපතිවරණයක දී පවා සිදු කිරීමට හැකි දෙයක් බවයි මන්ත්‍රීවරයා පවසා සිටියේ.

රාජ්‍ය ආදායම මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බැවින් මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවහොත් ඡන්දයට අවශ්‍ය මුදල් සොයා ගැනීම මහා භාණ්ඩාගාරයට දැඩි අභියෝගයක් විය හැකි බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා දිවුරුම් ප්‍රකාශයක් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (20) දිනයේ දැනුම් දුන්නා.

Related posts

මෙරට තේ අපනයනය ඉහළ යයි

Mohamed Dilsad

රන්ජන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

Mohamed Dilsad

හෙද පුහුණුව සඳහා අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් භාරගැනීම දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment