දේශීය

නවසීලන්තයේ ඊළඟ අගමැති ‍ Chris Hipkins නිතරඟයෙන් පත් වෙන ලකුණු

නවසීලන්තයේ වත්මන් අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් එළැඹෙන පෙබරවාරි 07 වනදා සිය ධූරයෙන් ඉවත් වූ පසුව අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කිරීම සඳහා කෙනෙකු තෝරා පත් කරගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව කම්කරු පක්ෂයේ අපේක්ෂකයා ලෙස Chris Hipkins ඉදිරිපත් වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ජසින්ඩා ආර්ඩර්න් විසින් ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ කම්කරු පක්ෂයේ නායකත්වය සහ අග්‍රාමාත්‍ය ධූරය යන දෙක සඳහා පුරප්පාඩු ඇතිවීමට නියමිතයි.

ඒ අනුව පුරප්පාඩුව සඳහා අපේක්ෂකයන්ට ඉදිරිපත් වීම සඳහා අද (21) උදෑසන 09 දක්වා කාලය ලබාදී තිබුණා.

එහිදී ඉදිරිපත් වූ එකම අපේක්ෂකයා වන්නේ Chris Hipkins පමණයි.

හෙට (22) පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමෙන් අනතුරුව ඔහුව නිල වශයෙන් තෝරා පත් කරගැනීමට නියමිත අතර, ජසින්ඩා ආර්ඩර්න්ගෙන් පසුව කම්කරු පක්ෂයේ නායකත්වයට සහ අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.

කම්කරු පක්ෂය නියෝජනය කරන Chris Hipkins, වත්මන් අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් යටතේ අධ්‍යාපන ඇමති, පොලිස් ඇමති, රාජ්‍ය සේවා ඇමති සහ සභානායක ධූරයන්ද හොඹ වනු ලබනවා.

ක්‍රිස් පවසා සිටියේ අග්‍රාමාත්‍ය ධූරයට ඉදිරිපත් වීමට හැකි වීම පිළිබඳව තමා නිහතමානීව හා ගෞරවයට පත්වෙන බවයි. සිය පක්ෂයේ සගයන්ගෙන් ඔහුට විශාල සහයෝගයක් හිමිව ඇති බවත් ඔහු පවසා සිටියා. ඒ අනුව තමාට කම්කරු පක්ෂයේ නායකත්වය සහ අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කිරීමට පක්ෂයේ සියලු දෙනා සහයෝගය ලබාදෙන බවට පවසා ඇති බවත් ක්‍රිස් වැඩිදුරටත් පවසා සිටියා.

කම්කරු පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් Kiri Allan ඉල්ලා අස්වීම හේතුවෙන් Carmel Sepuloni නියෝජ්‍ය නායක ධූරයට පත් වීමට නියමිතයි.

Related posts

රූපලාවන්‍යාගාර ආරක්ෂිත ක්‍රමවේද යට‍තේ යළි විවෘත කිරීමට උපදෙස්

Mohamed Dilsad

මැතිවරණ රාජකාරී සඳහා STF සහ පොලිසියේ 75,000 ක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය සමයේ අත්අඩංගුවට ගත් පිරිස 650කට ආසන්නයි

Mohamed Dilsad

Leave a Comment