දේශීය

මැතිවරණය පැවැත්වීම සුදුසුද නැද්ද කියන එක මහ බැංකුවට අදාළ කාරණයක් නෙවෙයි – මහ බැංකු අධිපති

මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම සුදුසුද ? නැද්ද ? යන්න මහ බැංකුවට අදාළ කාරණයක් නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

මහ බැංකුව යනු රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ආයතනයක් බවත් මැතිවරණය එම රාමුවෙන් පිටත තියෙන දෙයක් බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

මැතිවරණයක් තිබුත් හෝ නොමැති වුවත් ආර්ථීක අර්බුදයකින් ගොඩ ඒම සඳහා අසීරු ප්‍රතිපත්තිය දිගටම ක්‍රියාත්මක කිරීමට සිදුවන බවත් දැනට කරගෙන ගිය ක්‍රියාවලිය සෑහෙන්න සාර්ථකවී ඇති බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.

විදේශ විනිමය පැත්තෙන් විශාල හිඟයක් බැංකු ක්‍රමය තුළ නොමැති බවත් වෙළඳපොළ තුළ මුදල් ඇති බවයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වන කාන්තා ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කරයි.

Editor O

පාන් ගෙඩියක මිල ඉහළට

Mohamed Dilsad

පනත් කෙටුම්පත් දෙකක් සළකා බැලීම සඳහා පාර්ලිමේන්තු කාරක සභා සාමාජිකයන් නම්කරයි

Editor O

Leave a Comment