විදෙස්

ප්‍රබල අමාත්‍යවරයෙකු ඇතුළු 18 දෙනෙකුට දිවි අහිමි කළ යුක්‍රේනයේ හෙලිකොප්ටර් අනතුර

යුක්‍රේනයේ කිව් අගනුවර නැගෙනහිර ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකුට දිවි අහිමි වී ඇති බව BBC වාර්තා කරනවා.

මෙලෙස මිය ගිය Denys Monastyrsky අමාත්‍යවරයා යුක්‍රේනයේ සටන් වෙනුවෙන් දැඩි දායකත්වයක් ලබාදුන් පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

මෙම හෙලිකොප්ටර් යානය යුක්‍රේනයේ හදිසි ඒකකයන්ට අයත් එකක් වන අතර එය කඩා වැටෙන අවස්ථාවේ දැඩි මීඳුම් ස්භාවයක් පැවති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

Related posts

ඇමරිකාවත් රුසියාවත් ගාසා තීරයට සටන් විරාමයක් ඉල්ලයි

Mohamed Dilsad

දීවාලි වලට පෙර දිල්ලි නුවර වායු දුෂණය ඉහළට

Mohamed Dilsad

සිරියානු හමුදා සහ කුර්දි කැරළිකරුවන් එකඟතාවයක

Mohamed Dilsad

Leave a Comment