දේශීය

චීනයේ බැංකුවක් ශ්‍රී ලංකාවට සහාය පළකරයි

ශ්‍රී ලංකාවට ලබාදෙන ණය පහසුකම සඳහා මේ වසරේ පළමු කාර්තුව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාගැනීම රජයේ අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

 

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඒ සඳහා අවශ්‍ය මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මේ වන විට බොහෝ දුරට සාර්ථක වී ඇති බවය.

 

ඉන්දියාව මේ වන විටත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මට සහාය පළකර ඇති අතර චීනය ද ඒ සඳහා එකඟතාවට පැමිණ ඇති බව සඳහන් වේ.

 

චීනයේ එක්සිම් බැංකුව ද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සඳහා සහාය ලබාදෙන බවට ලිඛිතව දැනුම් දී ඇති බව ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 

මේ අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය සමඟ සාකච්ඡා අවසන් අදියරේ පවතින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9ක ණයක් ලබාගැනීමට චීනයේ සහාය ඉදිරි දින කිහිපය තුළ ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ප්‍රියන්ත රත්නායක මහතා රොයිටර්ස් පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.

 

ඒ මහතා මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ සාකච්ඡා රහසිගතව පැවතීම හේතුවෙන් ඒ පිළිබඳ තොරතුරු ලබාදිය නොහැකි බවය.

 

චීනය සහ ඉන්දියාව මෙරටට ණය ලබාදුන් ප්‍රධානතම රටවල් දෙක වන අතර ඔවුන්ගේ එකඟතාව හිමිවීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය පහසුකම පිළිබද සිය එකඟතාව පළකිරීමට නියමිත බව වාර්තා වේ.

 

 

Related posts

දිස්ත්‍රික්ක තුනකට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කරයි

Mohamed Dilsad

ඇදිරි නීති කාලය තුළ මාර්ග වල සිටි 291 අත්අඩංගුවේ

Mohamed Dilsad

23 වෙනිදා සිට සාපෙළ අමතර පංති සහ සම්මන්ත්‍රණ තහනම් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment