දේශීය

සරසවි සිසුවිය ඝාතන සැකකරු අත්අඩංගුවට

කොළඹ තුරඟ තරඟ පිටියේදී විශ්වවිද්‍යාල සිසුවියකට උල් ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට සැක කෙරෙන විශ්වවිද්‍යාල සිසුවාව වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ.

 

ඔහුව වැඩිදුර පරීක්ෂණ සඳහා කුරුඳුවත්ත පොලීසියට ගෙනඒමට නියමිත බව වාර්තා වෙයි.

 

මේ අතර, අද (17) දහවල් කොළඹ තුරඟ තරඟ පිටියේදී ඝාතනය කර සිටි තරුණිය සම්බන්ධයෙන් තවත් තොරතුරු හෙළිවී තිබේ.

 

එම තරුණිය 24 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් බවත් විද්‍යා පීඨයේ තෙවැනි වසරේ සිසුවියක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

 

“අද දහවල් 12-1ත් අතර කුරුඳුවත්ත පොලිස් වසමේ තුරඟ තරග පිටියේ මනුෂ්‍ය ඝාතනයක් සමබන්ධයෙන් වාර්තාවෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලැබිලා විමර්ශන කටයුතු ආරම්භ කළාට පස්සේ අනාවරණය වුණා මෙම මියගිය කාන්තාව කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයාවක් කියලා. ඒ ශිෂ්‍යයාව අපි දැනට විශ්වාස කරනවා 3වන වසරේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයාවක් බවට. නමුත් එය තවදුරටත් අනාවරණය කරගැනීම සඳහා විමර්ශන කටයුතු කරනවා. ඇයගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදීලා තිබෙන බවට තමයි නිරීක්ෂණය වන්නේ. ඒ කැපුම් තුවාල හේතුවෙන් අධික ලෙස ලේ ගලායාම නිසා එම ශිෂ්‍යයාව එම ස්ථානයේදී මියගොස් ඇති බවයි නිරීක්ෂණය වෙන්නේ. මෙම ශිෂ්‍යයාව හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යයාවක් බවට අනාවරණය වෙනවා. ඇය වයස අවුරුදු 24ක පමණ ශිෂ්‍යයාවක්.”

 

 

Related posts

දුම්රිය වර්ජනය අත්හිටුවයි

Mohamed Dilsad

ජනපති ගෝඨාභයත් අද සිට සටනේ

Mohamed Dilsad

දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සහය සමගි ජනබලවේගයට

Mohamed Dilsad

Leave a Comment