දේශීය

පරාටේ නීතිය වසර 5කට අත්හිටුවන්නැයි ඉල්ලීමක්

ණය ගෙවාගැනීමට නොහැකිවන ව්‍යවසායකයින්ගේ ව්‍යාපාරික ස්ථාන අත්පත් කර ගන්නා “පරාටේ නීතිය” වසර 5කට හෝ අත්හිටුවිය යුතු බව ව්‍යවසායක අරගල මධ්‍යස්ථානය අද මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේය.

 

එහිදී අදහස් දැක්වූ සංවිධායක ව්‍යවසායක අරගල මධ්‍යස්ථානයේ ලේකම් සරත් කරුණාදාස මහතා,

 

“ව්‍යාපාර වහලා තිබුණ අවස්ථාවලදී ණය සහන ක්‍රමයේදී බැංකු විසින් කරපු කාර්යය තමයි සියලු පොලිය මුල් ණය මුදලක් ලෙස ගිවිසුම් වෙනස් කර ගත්ත එක විතරයි කළේ. අපි මේ ණය අරන් තියෙන්නේ නිකන් නෙමෙයි. වටිනා දේපළ ඇපයට තියලා වසර 10කට 5කට ගෙවීමේ පදනම මත ගත්තේ. ණය පොලිය තුන් ගුණයකින් වැඩි කරලා තියෙනවා. කිසිම දැනුවත් කිරීමකින් තොරව බැංකු අධ්‍යක්ෂක මණ්ඩලය විසින් නෙරපා හැරීමේ නඩුව දාලා ව්‍යාපාරිකයා එළියට දානවා. ව්‍යාපාරික ස්ථාන 440ක් 2022ක අවුරුද්දට අත්පත්කරගෙන තියෙනවා. මේ නිසා පරාටේ නීතිය අනිවාර්යයෙන්ම වසර 5කට හෝ අත්හිටුවන්න ඕන. මිනිස්සුන්ට සහන දීලා ව්‍යාපාර ආරක්ෂා කරගන්න ඔනේ.”

 

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිකයන් පිරිසක් ජනාධිපතිවරයා වෙත සංදේශයක් භාර දීම සඳහා අද (16) ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියේය.

 

එහිදී විදුලි ඉංජිනේරුවරු සහ විදුලිබල මණ්ඩලයේ සේවකයන් 4,000කට ආසන්න පිරිසක් අස්සන් කළ පෙත්සම මෙහිදී ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු වෙත භාර ඇත.

 

ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරින් පැවසුවේ වර්තමානයේ වෘත්තිකයින් රට හැර යාමට වැඩි වශයෙන් යොමු වී සිටින බවත් එය වැළැක්වීමට යහපත් පියවර ගත යුතු බවය.

 

නව බදු ක්‍රමය අනුව තමන්ගේ වැටුපෙන් 30%ක් ම රජයට බදු වශයෙන් අය කර ගන්නා අතර එය අසාධාරණ අයකිරීමක් බව ද ඔවුන් පෙන්වා දෙයි.

Related posts

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගැන විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

දුෂ්කර පාසල්වල ගුරුවරුන්ට වැටුපට අමතරව තවත් දීමනාවක් – අධ්‍යාපන ඇමති

Mohamed Dilsad

කොරෝනා නිසා මරණ ලියාපදිංචියේදී සැලකියයුතු කරුණු

Mohamed Dilsad

Leave a Comment