දේශීය

ධම්මික මුණසිංහ පොලිස් භාරයට ගනී

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතාව අතරතුරදී ඒකාබද්ධ සංවර්ධන නිලධාරින්ගේ සංගමයේ ලේකම් ධම්මික මුණසිංහ පොලිස් භාරයට ගෙන තිබේ.

 

එම විරෝධතාවය වැළැක්වීමට ස්ථාන දෙකක දී පොලීසිය අද (16) පස්වරුවේ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.

 

තුම්මුල්ලේ පිහිටි, එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ඉදිරිපිටට අද (16) දහවල් පැමිණි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සාමාජිකයින් සහ සිවිල් සංවිධාන කිහිපයක් එහි සිට විරෝධතා පාගමනක් ආරම්භ කළේය.

 

ඒ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීම, ත්‍රස්ත පනත අහෝසි කිරීම, බදු බර – බඩුමිල පහත හෙළීම, ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

 

විරෝධතාකරුවන් පාගමනින් ගාලු පාර ඔස්සේ ඉදිරියට ගමන් කළ අතර කොල්ලුපිටියේ දී සහ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී ඔවුන්ට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය.

 

පසුව විරෝධතාකරුවන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තුළට යොමුකිරීමට ආරක්ෂක අංශ කටයුතු කිරීමත් සමග එහි ඇතිවුණේ නොසන්සුන් තත්ත්වයකි.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක්

Mohamed Dilsad

දයාසිරිගෙන් චෝදනාවක්

Mohamed Dilsad

නීතියේ අපක්ෂපාතීත්වය ගැන හිටපු ඇමති හරින් ප්‍රනාන්දුට ගැටළුවක්

Editor O

Leave a Comment