දේශීය

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

 

අද (16) පස්වරු 3.00 සිට රාත්‍රී 9.00 වන තෙක් එම නිවේදනය වලංගු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවකින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

සබරගමුව පළාතේත්, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍යය පියවර ගන්නා ලෙසටය.

 

 

Related posts

ජැෆ්නා කිංග්ස් ට ලකුණු 21ක ජයක්

Mohamed Dilsad

අගමැති ඉතාලිය බලා පිටත්ව යයි

Mohamed Dilsad

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment