දේශීය

කෝටි 10ක වන්දිය ගෙවන්න මට කොහෙත්ම ආර්ථිකයක් නෑ -මෛත්‍රී

පාස්කු නඩු තීන්දුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට නියම කළ වන්දි මුදල සිය හිතමිතුරන්ගේ උපකාරයෙන් එකතු කර ගෙවා දමන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 

ඔහු ඒ අදහස් පළ කළේ අද (15) නිට්ටඹුව නගරයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

 

“මේ නඩු තීන්දුව ගැන කතා කරනවිට පළමුවැනි දේ තමයි නීතියට ගරු කරන්න ඕනේ. අධිකරණයේ තීන්දු සඳහා හිස නමන කෙනෙක් මම. මේ සිද්ධිය වෙනකොට මම හිටියේ පිටරට සිංගප්පූරුවේ රෝහලේ. අනත්ත අප්‍රමාණ මම කිව්වා, මේ සිදුවීම පිළිබඳව ආරක්ෂ අංශවල නිලධාරීන්ට තොරතුරු ලැබුණාට ඒ කිසිදු නිලධාරීයෙක් මට මේ ගැන කිව්වේ නැහැ. මේ නඩු තීන්දුවේ පිටු 85 ඇතුළේ තිබෙනවා. මේ තොරුතුර නිලධාරීන්ට ලැබුණාට ජනාධිපිතිවරයා කිසිම ආකාරයකින් දැනුවත් වෙලා නැහැ කියලා. ඊළඟට ඔබ සිතයි මේ කෝටි 10 ගෙවන්න තීන්දු කළේ කියලා. මානව හිමිකම් කඩවීමක් පිළිබඳව. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ තිබෙනවා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද නිලධාරීන් යම් වැරැද්දක් කළහොත් ඒකට ජනාධිපතිවරයාද වගකිව යුත්තේය කියලා මේ නඩු තීන්දුවේ ලියලා තියෙනවා. පොලිස්පති පත්කරන්නේ ජනාධිපති, ආරක්ෂක ලේකම් පත්කරන්නේ ජනාධිපති. ඔත්තු සේවා අධ්‍යක්ෂ පත්කරන්නේ ජනාධිපති නෙමෙයි පොලිස්පතිතුමා. ඒ අයගෙන් ඉටුනොවුණ එකට මමත් වගකිව යුත්තෙක් කියලා තමයි මටත් කෝටි 10ක වන්දියක් ගෙවන්න නඩු තීන්දුවේ දීලා තියෙන්නේ.

 

කෝටි 10ක වන්දියක් ගෙවන්න කොහෙත්ම ආර්ථිකයක් තියෙන කෙනෙක් නෙමෙයි මම. මම සහ මගේ හිතවතුන් තීරණය කරලා තිබෙන්නේ, අපි අපට හිතවත් අයගෙන් සල්ලි එකතු කරමු කියලා. එහෙම කියනකොට මම ඇහුවා එහෙමනම් කොළඹ කොටුවේ බෝ ගහ යට ටින් එකක් හොල්ල හොල්ල ඉන්නද කියලා ? කිසිදු ආදායමක් නැහැ. මගේ වත්කම් ප්‍රකාශනය හැම අවුරුද්දේම මම පාර්ලිමේන්තුවට දීලා තියෙනවා. මම ජනාධිපතිවෙලා හිටපු අවුරුදු 5ත් හැම අවුරුද්දේම මම දීලා තියෙනවා මගේ වත්කම් ප්‍රකාශනය. ඉතින් මගේ වත්කම් ප්‍රකාශනය ඕනෑ කෙනෙකුට බලන්න පුළුවන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ. ඕනේ නම් අරගෙන බලන්නත් පුළුවන් මට මොනවද තියෙන්නේ කියලා. ඒ නිසා මගේ මිත්‍රයෙක් තීරණය කරලා තියෙන ආකාරයට මම බලාපොරොත්තු වෙන්නේ මගේ හිතවතුන්ගෙන් මේ සඳහා අවශ්‍ය සහායෝගය ගන්නයි. මම පුද්ගලිකව කියනවා මට නම් මොන විදිහේ අභියෝග ආවත් මගේ දෙපා මුලට හෙණ හැහුවත් මට වැදෙන්නේ නැහැ. ඒ ඕනෑම අභියෝගයකට මම සිනාමුසු මුහුණෙන් මුහුණ දෙනවා.”

Related posts

ඔබත් පොදු නේවාසිකාගාර වල සිටින්නෙක්ද? අවධානයෙන්

Mohamed Dilsad

රවීගේ පෙත්සම විභාගයට අවසර

Mohamed Dilsad

හිටපු අමාත්‍ය රිශාඩ් බදියුදීන්ගෙන් රීට් පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment