දේශීය

ජල පාරිභෝගිකයින් ට දැනුම්දීමක්

නව ක්‍රමවේදයක් හරහා ජල බිල්පත් ලබාදීම සහ ගෙවීම සිදුකිරීමේ වැඩපිළිවෙලක් හඳුන්වා දීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ.

 

එම වැඩසටහන ලබන 17 වනදා යාපනය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමානාධිකාරී පියල් පද්මනාත මහතා සඳහන් කළේය.

 

බිල්පත් නිකුත් කිරීමේ යන්ත්‍රයක් මගින් මාසික බිල්පත පාරිභෝගිකයින්ට ලබා දී බැංකු කාඩ්පත් මගින් එම බිල්පත ගෙවීම සඳහා ඔවුන්ට අවස්ථාව සලසාදීම මෙමගින් සිදුවන බව ඔහු සඳහන් පැවසීය.

 

නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරෙන මෙම වැඩසටහන ඉදිරියේ දී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා දැනුම්දුනී.

 

 

Related posts

පළාත් පාලන ආයතන කිහිපයකට ඇප මුදල් තැන්පත් කරයි.

Editor O

සියලු මාර්ගවල දුම්රිය ගමන් වාර සංඛ්‍යාව අද සිට ඉහළට

Mohamed Dilsad

රාජිතට මාර්තු 5 අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි [UPDATE]

Mohamed Dilsad

Leave a Comment