දේශීය

බිත්තර 53ට දෙන්න ගිය නිෂ්පාදකයින්ට මහපාරේදී එල්ලවූ විරෝධය

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අද (10) රුපියල් 53කට අනුරාධපුර නගරයේදී බිත්තර අලෙවි කරන අවස්ථාවේ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වුණි.

 

ඔවුන් එළෙස විරෝධය දැක්වූයේ අඩු මිලට බිත්තර ලබාදීමේ හැකියාව තිබියදීත් අධික මිලකට බිත්තර අලෙවි කිරීම හේතුවෙනි.

 

මේ අතර කොළඹ ස්ථාන රැසක වෙළෙඳසැල්වල රුපියල් 60ත් 70ත් අතර මිලකට අලෙවි වූ බිත්තර අද රුපියල් 55ට අලෙවි වන ආකාරය දක්නට ලැබුණි.

 

බිත්තර ආනයනය කිරීම සඳහා ජාත්‍යන්තර ටෙන්ඩර්කරුවන් 20දෙනෙකු මේ වන විට ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති අතර ඉන් සියයට 90ක්ම ඉන්දීය ජාතිකයින් බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ඊයේ (09) සඳහන් කළේය.

 

කෙසේවෙතත් කුකුල් ගොවීන් සුරැකීමේ සංවිධාන එකමුතුව අද පෙරවරුවේ කුරුණෑගලදී මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ බිත්තර ආනයනය කළහොත් දීපව්‍යාප්තව උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවය.

 

කුකුල් ගොවීන් සුරැකීමේ සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සංජීව කරුණාසේකර මහතා,

 

“නිෂ්පාදන පිරිවැය අඩු කළහොත් බිත්තර ගෙඩියක් අඩු මිලට දෙන එක සති‌ දෙකකින් පටන් ගන්නට පුළුවන්. ඒ නිසා කරුණාකරලා ඉක්මනටම ආහාර අමුද්‍රව්‍ය ටික ආනයනය කරන්න ඒ ඩොලර්වලින්. ඒක ගොවියාට සාධාරණ මිලකට බෙදා හරින්න අඩුමිලකට පුළුවන්නම් ආණ්ඩුව ඒකට සහනාධාරයකුත් දෙන්න. තව දින කිහිපයක් ඇතුළත ගොවියා සංවිධානය වෙලා දිසිත්‍රික්ක මට්ටමින් උස්ඝෝෂණ වටයක් අරගෙන ගිහිල්ලා ඒ ඔක්කෝම එකතු කරගෙන එනවා ඔහෙලාගේ මන්දිරය ළඟට. එන්නේ ලොරි පිටින් කුණු බිත්තර අරගෙන.”

 

 

Related posts

බදු ගෙවීමේ පහසු ක්‍රමවේදයක්

Mohamed Dilsad

නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 65ක ජයක්

Editor O

එජාප මන්ත්‍රීවරුන් වෙත විශේෂ ලිපියක් [LETTER]

Mohamed Dilsad

Leave a Comment