දේශීය

ජනපතිගෙන් මැතිවරණ කොමිසමට හදිසි දැනුම්දීමක්

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අදහස් දැක්වු ජනාධිපතිවරයා සඳහන් කළේ, මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර පවතින පරස්පර මත පළමුව විසඳාගත යුතු බවය.

 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පුවත්පත් කර්තෘවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සමග අද (06) පැවති සාකච්ඡාවකදීය.

 

මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සඳහන් කළ ආකාරයට මැතිවරණයේ ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන හා ආරක්ෂාව වැනි කරුණු පිළිබඳ අදාළ අමාත්‍යාංශවල නිලධාරීන් හා මැතිවරණයට සෘජුව සම්බන්ධ සෙසු ආයතන සමග සාකච්ඡා කර අදාළ ප්‍රතිපාදන සම්බන්ධයෙන් නිශ්චිත එකඟතාවකට පැමිණ ලබන සඳුදා නැවත තමන් සමග සාකච්ඡා කරන ලෙසද ජනාධිපතිවරයා එහිදී මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට දැනුම්දී තිබේ.

 

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සමග ඊයේ පස්වරුවේ යළි සාකච්ඡාවක් පැවැත්වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා පැවසුවේ බලය බෙදීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සෙසු දේශපාලන පක්ෂවල අදහස් ලබාගැනීම සහ එය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ ලබන අඟහරුවාදා සිට සාකච්ඡා ආරම්භ කරන බවය.

 

කෙසේවෙතත් මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව දැනට සිදුකර ඇති සෑම ක්‍රියාදාමයකටම කොමිසමේ සාමාජිකයන් පස් දෙනාගේම ලිඛිතව එකඟතාවය ලැබී ඇති බවය.

 

කොමිසම තුළ බෙදීමක් ඇති බවට යන මතය සම්පූර්ණයෙන්ම බැහැර කරන බවද නිමල් පුංචිහේවා මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

 

 

Related posts

කොටුව පොලිස් ස්ථානය යළි විවෘත කෙරේ [UPDATE]

Mohamed Dilsad

අවාසනාවන්ත ඉරණමකට මුහුණදුන් තිදරු පියා

Mohamed Dilsad

තවත් ආසාදිතයන් 12 ක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

Leave a Comment