දේශීය

ඩුබායි මධ්‍යසාර බදු අඩුකරයි

මධ්‍යසාර මත පනවා තිබූ බද්දෙන් සියයට 30ක් කපාහැරීමට ඩුබායි බලධාරීන් තීරණය කර තිබේ.

 

ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ ඩුබායි නගරය සඳහා සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමේ අරමුණ ඇතිවය.

 

එමෙන්ම පෞද්ගලික මධ්‍යසාර බලපත්‍ර නිකුත් කිරීමේදී මුදල් අය නොකිරීමටත් මේ යටතේ ඩුබායි පාලනය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

ඩුබායි හි මධ්‍යසාර අලෙවිය මත පනවා තිබූ සීමා රැසක් ඉවත්කිරීමට බලධාරීන් මීට පෙරත් පියවර ගනු ලැබීය.

 

රාමසාන් උපවාස සමයේ පවා දිවා කාලය තුළ මධ්‍යසාර අලෙවියට අවසර දුන්නේ ඒ යටතේ ය.

 

එමෙන්ම අවශ්‍ය ස්ථාන වෙත මධ්‍යසාර ප්‍රවාහනයටත් මේ මගින් අවසර දී තිබුණි.

 

 

Related posts

කොරෝනා ආසාදිතයෙක් ඇසුරු කල 11 ක් පී.සී.ආර්. පරීක්ෂණයට

Mohamed Dilsad

තාරුණ්‍යයට හෙටක් නඩුවෙන් නාලක ගොඩහේවා නිදොස් කොට නිදහස් කෙරේ

Mohamed Dilsad

ලක්ෂපාන රක්ෂිතයේ ගින්න මැඩ පැවැත්වීමට ගුවන් හමුදාවේ සහය

Mohamed Dilsad

Leave a Comment