දේශීය

මහ බැංකු අධිපති හෙළිකළ අපේක්ෂාව

උද්ධමනය පහත දමා ආර්ථික වශයෙන් රට ස්ථාවර කිරීම වසරේ ප්‍රධානතම අපේක්ෂාව බව මහ බැංකු අධිපති අචාර්යය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

 

ඔහු පෙන්වාදෙන්නේ ක්‍රමාණුකූලව මේ වනවිට උද්ධමනය අඩුවෙමින් පවතින බවය.

 

නව වසර වෙනුවෙන් දළදා සමිඳු වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදැකීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහ බැංකු අධිපති අචාර්යය නන්දලාල් වීරසිංහ මහතා එම අදහස් පළකළේය.

 

“අපි බලාපොරොත්තුවෙනවා පසුගිය වසරේ තිබුණු ආර්ථික අමාරුකම්වලින් මිදිලා යමිකිසි ස්ථාවර තත්ත්වයකට ඇවිල්ලා රටේ ආර්ථිකය තවදුරටත් ස්ථාවර කරන්න. විශේෂයෙන් මහ බැංකුවේ වගකීම වන්නේ උද්ධමනය පාලනය කිරීම අපි දැනටම දකිනවා උද්ධමනය සීඝ්‍රයෙන් අඩුවේගෙන යනවා. අපි මේ වසරේ බලාපොරොත්තු වෙනවා උද්ධමනය තවදුරටත් අඩුවෙලා රටේ පොලී අනුපාතය තවදුරටත් පහළ ගිහිල්ලා අපේ ජනතාවට සහ හැමෝටම රටේ ආර්ථිකය යම්කිසි ආකාරයට නැවත යථාතත්ත්වයට පත්වීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට හැකිවේයැයි බලාපොරෝත්තුව තමයි මේ අවස්ථාවේදී ක්‍රියාත්මක කරන්නේ.”

Related posts

මිනුවන්ගොඩ කොරෝනා ආසාදිතයින් ගණන 1053 දක්වා ඉහළයයි

Mohamed Dilsad

2020 සඳහා විද්‍යා පීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කිරීමේ ගැසට් නිවේදනය අද

Mohamed Dilsad

ආරක්ෂක තත්ත්වය යහපත් නොවන නිසා රාත්‍රී කාලයේ ජන හමු නොපවත්වන ලෙස දැනුම්දීලා – පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර

Editor O

Leave a Comment