දේශීය

බිත්තර නිෂ්පාදකයින්ගෙන් චෝදනාවක්

වැඩි මිලට බිත්තර අලෙවි කිරීමේ මාෆියාවකට ඇතැම් ඇමතිවරුන් ද සහාය පළ කරන බවට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය චෝදනා කරයි.

 

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් එච්. එම්. බී.ආර්.අලහකෝන් මහතා පැවසුවේ ශීත කාමරවල ගබඩාකර තිබූ බිත්තර අඩු මිලට ගෙන නැවතත් වැඩි මිලට විකිණීමේ ජාවාරමක් තිබෙන බවය.

 

ඒ සඳහා ඇතැම් දේශපාලඥයින්ගේ ද සහාය ඇති බවට අලහකෝන් මහතා වැඩිදුරටත් චෝදනා කළේය.

 

“ඇත්තටම මේකට වගකින්න ඕනේ මේ අතරමැති බිත්තර වෙළෙඳ සංගම්. එදා රුපියල් 43ට ගැසට් එකේ මිලට දෙන්න පුළුවන් කියපු අය අද රුපියල් 65යි 60 කියලා විකුණන්න කතා කරනවා. මහින්ද අමරවීර ඇමතිතුමා එකක් කරපු සාකච්ඡාවේදී ඇමතුමා අපිට කිව්වා මේක පරිභෝගිකයාට කෙළින්ම ලබාදෙන ක්‍රමවේදයක් හදන්න කියලා. ඒ අනුව තමා බිත්තර ලක්ෂ 4ක් කොළඹ නගරයේ බෙදුවේ. මේ ක්‍රමය අසාර්ථයි කියලා පෙන්නන්න හදනවා. වෙළෙඳ ඇමතිවරයාත් ඒ වගේම සමහර සංගම් පාරිභෝගිකයා වෙනුවෙන් කතා කරන ඒවා වෙළෙන්ඳා වෙනුවෙන් කතා කරනවා ද? ඔය ජා-ඇල තියෙන බිත්තර සංගමයේ සභාපති ඇන්ටනි අප්පුහාමී කියන පුද්ගලයාගේ මත්සිනා තමයි වෙළෙඳ ඇමති. ඉතින් වෙළෙඳ ඇමතිවරයාට කියන්න පුළුවන්නේ මේ වැඩේ වැරදි කියලා. ඒක නවත්වන්න කියලා. අපිට බැනලා වැඩක් නෑනේ. බිත්තර අඩු මිලට අරගෙන කූල් රූම් වල දලා එකතුකරලා නැවතත් වැඩි මිලට විකුණන මාෆියාවක් මෙකේ ඇතුලේ තියෙනවා. ඒ සඳහා සමහර ඇමතිවරු උදව් කරනවා”

 

 

Related posts

සජබයෙන් ආණ්ඩුවට රතු එළියක්

Mohamed Dilsad

තීරණයක් ලැබෙන තුරු රංජන්ට පාර්ලිමේන්තුව තහනම්

Mohamed Dilsad

සාපෙළ අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment